Home » නවීකරණය කළ අභියාචනාධිකරණ සහ අධිකරණ පියස ජනතා අයිතියට

නවීකරණය කළ අභියාචනාධිකරණ සහ අධිකරණ පියස ජනතා අයිතියට

by chanaka
January 18, 2025 3:53 pm 0 comment

කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය නවීකරණ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කළ අභියාචනාධිකරණ කොටස සහ අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීම් ආරම්භ කළ පළමු උප ව්‍යාපෘතිය වන මහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම අද(18) පෙරවරුවේ සිදු විය.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්, අගවිනිසුරු ජනාධිපති නීතිඥ මූර්දු ප්‍රනාන්දු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර හා ශ්‍රී ලංකාවේ චීන තානාපති QI Zhenhong යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙනි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අගවිනිසුරු ජනාධිපති නීතිඥ මූර්දු ප්‍රනාන්දු, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර,ශ්‍රී ලංකාවේ චීන තානාපති QI Zhenhong යන මහත්ම මහත්මීන් මෙහිදී අදහස් පල කරන ලදී.

ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්, නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ හා අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT