Home » ශ්‍රී ලංකා ජනපතිගේ චීන නිල සංචාරයෙන් ඵලදායී ප්‍රගතීන් ලැබී ඇතැයි චීනය කියයි

ශ්‍රී ලංකා ජනපතිගේ චීන නිල සංචාරයෙන් ඵලදායී ප්‍රගතීන් ලැබී ඇතැයි චීනය කියයි

by chanaka
January 18, 2025 4:28 pm 0 comment

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය තුළ ඵලදායී ප්‍රගතීන් ලැබී ඇති බව චීනය පවසයි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ඇරයුමකට අනුව, ඉකුත් 14 වැනි දා සිට 17 වැනි දා දක්වා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ නිල සංචාරයක නිරත විය.

දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදු කළ ප්‍රථම චීන සංචාරය මෙය වූ අතර, ඉන් චීන-ශ්‍රී ලංකා සබඳතාවට වැදගත්කමක් එක් කළ බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ(17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

පසුගිය 15 වැනි දා රාජ්‍ය නායකයන් දෙදෙනා හමුවූ අවස්ථාවේදී දෙරට උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය තහවුරු කරමින් හවුල් අනාගතයක් සහිත චීන-ශ්‍රී ලංකා මානව ප්‍රජාවක් ගොඩනැංවීමට ද එකඟතා පළ කළහ. දෙරට විසින් නිකුත් කෙරුණු ඒකාබද්ධ නිවේදනය මගින් දිසානායක මහතාගේ මෙවර චීන සංචාරයේ සාධනීය ප්‍රගතීන් පිළිබිඹු කෙරෙන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT