Home » චීන ජනපති සහ ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්

චීන ජනපති සහ ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්

by chanaka
January 18, 2025 4:08 pm 0 comment

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇරයුමකට අනුව, ඇමරිකානු ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වයි. එම සංවාදය ඊයේ(17) රාත්‍රී සිදු කෙරිණ.

ඇමරිකානු ජනාධිපති ලෙස නැවත තේරී පත්වූ ට්‍රම්ප්ම හතාට ෂී ජින්පිං මහතා එහිදී සුබ පැතුම් එක් කළේය. දෙදෙනාම එකිනෙකා සමඟ අන්තර් සම්බන්ධතා පැවැත්වීම ඉහළින් වැදගත් කොට සලකමින්, ඇමරිකානු ජනාධිපතිවරයාගේ නව සේවා කාලය තුළ චීන-ඇමරිකා සබඳතාවයට යහපත් ආරම්භයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී ජින් පිං මහතා පැවසීය.

චීන-ඇමරිකා සබඳතා නව ඇරඹුමේදී වැඩි ප්‍රගතියක් ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ශ්‍රේෂ්ඨ රටවල් දෙකක් වන චීනය සහ ඇමරිකාව සිය සිහින හඹා යමින් දෙරටේ ජනතාවට යහපත් ජීවිතයක් උදාකර දීමට කැපවී සිටින බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. චීන-ඇමරිකා දෙරටට පුළුල් හා පොදු අයිතිවාසිකම් සහ සහයෝගීතා අවස්ථා රැසක් හිමි වේ. දෙපාර්ශ්වයට හවුල්කරුවන් සහ මිතුරන් බවට පත් විය හැකිය. අන්‍යෝන්‍ය සහාය හා සහයෝගීතා හරහා තම තමන්ගේ සාර්ථකත්වය ළඟා කර ගෙන පොදු සමෘද්ධිය සාක්ෂාත් කළ හැකි අතර දෙරටට හා සමස්ත ලෝකයට ප්‍රතිලාභ ලබා ගත හැකි බව ජනාධිපති ෂී ජින් පිං මහතා කියා සිටියේය.

බලවත් රටවල් දෙකක් වන චීනය හා ඇමරිකාවේ ජාතික ක්‍රමවේදයන් අතර වෙනස්කම් දක්නට ඇති බැවින් මතභේද තිබීම වැළැක්විය නොහැකිය. එකිනෙකාගේ කේන්ද්‍රීය ප්‍රතිලාභ හා උවමනාවන් වෙත ගරුත්වය දැක්විය යුතු ය. නිසියාකාරයෙන් ගැටළුවලට පිළියම් ලබා දිය යුතු ව ඇත. තායිවාන ප්‍රදේශය පිළිබඳ ගැටළුව චීනයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය පිළිබඳ කරුණකි. එය නිසි අයුරින් අවබෝධ කරගන්නා ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි. දෙරට ආර්ථික හා වෙළඳ සබඳතාවේ හරය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු-ජයග්‍රහණ මිස ගැටුම් ඇති කිරීම නොවේ. දෙරට අන්‍යෝන්‍ය ගරුත්වය හා සහජීවනයේ රැඳී සිටිමින් පොදු-ජයග්‍රහණය මත පදනම්ව සහයෝගිතාව තවදුරටත් සහතික කළ යුතු ය. චීන-ඇමරිකා සබඳතාව ස්ථාවර, විධිමත් හා තිරසර දිශානතිය කරා ගමන් කරවීමට මඟපෙන්විය යුතු බව ද චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පිළිබඳව ඩොනල්ඩ් ට්‍ර්ම්ප් මහතා එම සංවාදයේ දී ස්තුතිය පළ කළේ ය. ෂී ජින්පිං මහතා සමග පවතින විශිෂ්ට සබඳතාව තමා ඉහළින් වැදගත් කොට සලකයි. සංවාදය ඔස්සේ ෂී ජීන්පිං මහතා සමග සබඳතා පැවැත්වීමට බලාපොරොත්තු වන ‍ට්‍ර්ම්ප් මහතා හැකි ඉක්මනින් ෂී ජින් පිං මහතා හමු වීමට අපේක්ෂා පළ කළේය. තම රට හා චීනය වර්තමාන ලෝකයේ ප්‍රධානතම රටවල් දෙකකි. දිගුකාලීන සුහදශීලී සබඳතා පැවතිය යුතු බවත් පොදු ප්‍රයත්න යටතේ ලෝක සාමය ආරක්ෂා කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

එසේ ම, රාජ්‍ය නායකයන් දෙදෙනා යුක්රේන අර්බුදය, පලස්තීන-ඊශ්‍රායල ගැටුම් ඇතුළු පොදු අවධානයට ලක්වූ ජාත්‍යන්තර හා කලාපීය ගැටළු සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගත්හ.

තවද උපායමාර්ගික හුවමාරු ක්‍රමවේද බිහි කිරීමට දෙපාර්ශ්වය එකඟතාවය පළ කළේය. මෙමගින් දෙරටේ පොදු අවධානයට ලක්වූ ප්‍රධාන ගැටළු සම්බන්ධයෙන් නිසි අයුරින් අදහස් හුවමාරු කර ගැනීමට ද ඔවුහු දෙදෙනා එහිදී අපේක්ෂාව පළ කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT