Tuesday, April 8, 2025
Home » නඩත්තු ඉල්ලූ බිරියට සැමියාගෙන් පිහිපහරක්

නඩත්තු ඉල්ලූ බිරියට සැමියාගෙන් පිහිපහරක්

by mahesh
January 17, 2025 1:00 am 0 comment

මීගහතැන්න සමූහ

සැමියා සමඟ පවුල් ජීවිතය ගෙන යාමට නොහැකිව ඔහුගෙන් නඩත්තු ඉල්ලා නඩු පැවරූ කතකට නඩත්තු වෙනුවට පිහිපහරක් එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බුලත්සිංහල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බුලත්සිංහල, තිරිවානාගල්ගොඩ ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක් සිය සැමියාගෙන් වෙන්ව මවගේ නි‍ෙවසට පැමිණ මවගේ ඉඩමේ තේ දලු නෙළමින් සිටිය දී කාන්තාවකට සහ ඇගේ මවට පිහියෙන් ඇන තුවාල සිදු කළ බව කියන පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන බව බුලත්සිංහල පොලීසිය පවසයි. මෙසේ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ බුලත්සිංහල, පරගොඩ, තිරිවානාගල්ගොඩ පදිංචිකාරියන් වූ 57 හැවිරිදි සහ 37 හැවිරිදි මවක හා දියණියකි.

පවුල් ආරවුලක් මත තමා සැමියාගෙන් වෙන්වී මවගේ නි‍ෙවසට පැමිණ සිටින බවත්, ඒ හේතුවෙන් සැමියාගෙන් නඩත්තු ඉල්ලා මතුගම උසාවියේ නඩු පවරා තිබෙන අතරතුර ඉකුත් 14 වැනිදා දහවල් 11.00 ට පමණ තම සැමියා පැමිණ මෙසේ තුවාල සිදු කළ බවට සැකකරුගේ බිරිය පොලීසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT