Home » විරාමයකින් පසු Harmony Center සංස්කෘතික අවකාශය ඇරඹෙයි

විරාමයකින් පසු Harmony Center සංස්කෘතික අවකාශය ඇරඹෙයි

by yasara
January 17, 2025 10:17 am 0 comment

ටික කලෙක විරාමයකින් පසු Harmony Center සංස්කෘතික අවකාශය පසුගිය දා නැවත වැඩ ඇරඹුවේ විශාල ‌සහෘද ප්‍රේක්ෂක ජනකායක් සමඟිනි.

පසුගිය ජනවාරි 5 දා හැන්දෑවේ No Names Collective සංගීත කණ්ඩායම සමඟ සංයෝජනය වූ රංගවේදී ප්‍රියන්ත සිරිකුමාර සමාජ සංවාද තලයකට මග විවර කළේ ය.

ජනප්‍රිය සුගායක නදීක ජයවර්ධනගේ ඉමිහිරි ගී ගැයුම ප්‍රේක්ෂාව ගෙන ගියේ සිතිවිලි සීතල ඉසව්වකටයි.

No Names Collective සුපුරුදු පරිදි සිය ගවේෂණාත්මක ගී අත්හදාබැලීම් කිහිපයක් සහෘදයන් වෙත ඉදිරිපත් කළ අතර ඔවුන් ඒවා බාරගත්තේ දැඩි උද්යෝගීවයි.

ප්‍රශ්නයක් ඇයි ප්‍රශ්නයක් වුණේ යනුවෙන් ඔවුන් ඉදිරිපත් කළ නිර්මාණය පදරචනාමය නවමු බවක් එක් කළ එකක් විය.

පසුව ඇති වුණ සංවාදය ඉතා හරබර බරසාර වූ අතර විවේකී සති අන්තයේ සාමාන්‍යයෙන් එවැනි වැඩසටහනකට සහභාගි නොවෙන තරම් ප්‍රමාණයේ පිරිසක් සහභාගි වීම කැපී පෙනෙන සිදුවීමකි.

මෙම සංවාදය සෙන්ටරයෙන් එළියට ගෙන ගොස් මහජනතාව අතරට ගෙන යෑමට ඔවුන් වෑයම් කරන බව සැළවෙන අතර එළැඹෙන ජනවාරි 19 දා මහරගම පොලේ වැඩසටහන සූදානම් වන බවද කියැවෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT