දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී විදේශිය සංචාරකයන් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක ගැටී අද (17) අලුයම අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇත.
එමෙන්ම බස් රථයේ ගමන්ගත් විදේශ ජාතිකයින් ද තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
තංගල්ල මූලික රෝහලට ඇතුළත් කළ තුවාල කරුවන් අතර විදේශීය සංචාරකයන් තිදෙනකු සහ සංචාරක මග පෙන්වන්නා සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
අනතුරට පත් බස් රථයේ විදේශීය සංචාරකයන් 12 දෙනකු ගමන් කර ඇතැයි පොලිසිය පැවසීය .
අනතුරින් සුලු තුවාල ලැබූ සංචාරකයන් 9 දෙනකු ප්‍රතිකාර සදහා බෙලිඅත්ත හත්බෝධිය රෝහලට ඇතුළත් කර තිබේ .ඔවුන්ද වැඩිදුර ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට රැගෙන ඒමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
මියගිය රියදුරුගේ මෘතදේහය බෙලිඅත්ත රෝහලේ තැන්පත් කර ඇත.