Home » දක්ෂිණ අධිවේගයේ බසයක් ලොරියක හැපී බසයේ රියදුරු මරුට

දක්ෂිණ අධිවේගයේ බසයක් ලොරියක හැපී බසයේ රියදුරු මරුට

by chanaka
January 17, 2025 9:23 am 0 comment

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී විදේශිය සංචාරකයන් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක ගැටී අද (17) අලුයම අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇත.

එමෙන්ම බස් රථයේ ගමන්ගත් විදේශ ජාතිකයින් ද තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

තංගල්ල මූලික රෝහලට ඇතුළත් කළ තුවාල කරුවන් අතර විදේශීය සංචාරකයන් තිදෙනකු සහ සංචාරක මග පෙන්වන්නා සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

අනතුරට පත් බස් රථයේ විදේශීය සංචාරකයන් 12 දෙනකු ගමන් කර ඇතැයි පොලිසිය පැවසීය .

අනතුරින් සුලු තුවාල ලැබූ සංචාරකයන් 9 දෙනකු ප්‍රතිකාර සදහා බෙලිඅත්ත හත්බෝධිය රෝහලට ඇතුළත් කර තිබේ .ඔවුන්ද වැඩිදුර ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට රැගෙන ඒමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

මියගිය රියදුරුගේ මෘතදේහය බෙලිඅත්ත රෝහලේ තැන්පත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT