ජෝර්ජ් කීට් පදනම සහ Sotheby’s එක්ව පැවැත්වූ කලා කෘති වෙන්දේසිය පසුගියදා නිමාවට පත්විය.
Sotheby’s විසින් ජෝර්ජ් කීට් පදනම සමග අත්වැල් බැඳගෙන සිදුකරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම Sotheby’s සමකාලීන හා නූතන කලා කෘති වෙන්දේසිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙම ඓතිහාසික වැඩසටහන ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම සඳහා මනා ආරම්භයක් වනු ඇත. මෙම වැඩසටහන 2024 දෙසැම්බර් 07, 08 සහ 09 යන තෙදින තුළ Cinnamon Life හිදී පැවැත්වුණු අතර, එයට කලාකෘති ප්‍රදර්ශනයක්, ශ්‍රී ලාංකේය කලාවේ කලාපීය බලපෑම් සම්බන්ධයෙන් Sotheby’s හි අධ්‍යක්ෂ, විශේෂඥ සහ නූතන හා සමකාලීන දකුණු ආසියානු කලාවන් පිළිබඳ සම-ජාත්‍යන්තර ප්‍රධානී ඉෂ්රත් කන්ගා මහත්මිය විසින් මෙහෙයවන ලද සාකච්ඡාමය වැඩසටහනක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කලා ශිල්පීන් 35 දෙනෙකුගේ නිර්මාණ 46 ක් ඇතුළත් වූ සමාජ සත්කාරමය වෙන්දේසියක්ද ඇතුළත් විය. මෙම අවස්ථාව සඳහා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහභාගී වූ අතර ඇය පිළිගනු ලැබුවේ ජොර්ජ් කිටි පදනමේ සභාපති මාලක තල්වත්ත මහතා විසිනි.