Monday, April 21, 2025
Home » ලංකාවේ ජනගහනය ලක්ෂ 02කින් පහළට යයි

ලංකාවේ ජනගහනය ලක්ෂ 02කින් පහළට යයි

by chanaka
January 17, 2025 10:16 am 0 comment

පසුගිය වසර 02කට ලංකාවේ ජනගහනය 2,64,950කින් පමණ පහළ වැටී ඇති බැව්, ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්ත අනුව පැහැදිලි වන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමග පෙරේදා (15) කරන ලද සාකච්ඡාවකදී සඳහන්ව තිබේ.

ලංකාවේ මධ්‍ය වාර්ෂික ජනගහනය 2021, 2022 වසර දක්වා කාලය සලකා බැලීමේදීත් මිලියන 22,181ක් ලෙස පැවති අතර, ලංකා ඉතිහාසය තුළ වැඩිම ජනගහනයක් වාර්තා වනුයේ 2021/2022 වසර තුළදීය.

2022 ජූලි මස සිට 2023 ජූලි දක්වා කාලය තුළදී වාර්ෂික ජනගහනය මිලියන 22.37කින් 1,44,395කින් පහළ ගොස් ඇත.

තවද 2023 ජුනි සිට 2024 ජුනි අතර කාලය තුළ රටේ මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 21,916ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ.

මෙහි පෙර වසරට සාපේක්ෂව සලකා බලන විට රටේ ජනගහනය 1,20,055කින් පමණ පහළ යාමක් මේ කාලයේදී සිදු වී ඇත.

රටේ ජනගහන වර්ධනය මේ වන විට -0.7කට ආසන්න අගයක් පවතී. ජනගහනය මෙසේ පහළ යාමට හේතුව වී ඇත්තේ ස්වාභාවික උපත් අනුපාතය වේගයෙන් පහළ යෑමත් ශුද්ධ සංක්‍රමණ වේගයෙන් ඉහළ යෑමත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT