Home » තීක්ෂණ ලොව හොඳම එක්දින පන්දු යවන්නන් තිදෙනා අතරට

තීක්ෂණ ලොව හොඳම එක්දින පන්දු යවන්නන් තිදෙනා අතරට

by sachintha
January 16, 2025 1:19 am 0 comment

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ජාත්‍යන්තර එක්දින තරග බිමේ ලොව හොඳම පන්දු යවන්නන් තිදෙනා අතරට එක්වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව මෙතෙක් හිමිකරගත් ඉහළම ශ්‍රේණිගත ස්ථානයට පත්වීමට තීක්ෂණ සමත්ව ඇත්තේ 7 වැනි ස්ථානයේ සිට ස්ථාන 4ක් ඉදිරියට එමිනි. නවසීලන්තයට එරෙහිව නිමාවූ එක්දින තරගාවලියේදී කඩුලු ත්‍රිත්වයක් ද සමඟ කඩුලු 7ක් බිඳ දමමින් දැක්වූ දස්කම් හේතුවෙන් 24 හැවිරිදි තීක්ෂණ සිය හොඳම ශ්‍රේණිගත ලකුණු ලෙස ලකුණු 663ක් ලබා සිටී. තීක්ෂණ ලොව හොඳම පන්දු යවන්නාට වඩා පසුපසින් සිටින්නේ ශ්‍රේණිගත ලකුණු 6කිනි. ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගෙන සිටින ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් ශ්‍රේණිගත ලකුණු 669ක් ලබා සිටින අතර, දෙවැනි තැන සිටින ඉන්දියාවේ කුල්දීප් යාදව් (665) තීක්ෂණට වඩා ඉදිරියෙන් සිටින්නේ ලකුණු 2කිනි.

පන්දු යවන්නන් අතර කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණ ඇති අනෙක් ශ්‍රී ලාංකිකයා වන අසිත ප්‍රනාන්දු ස්ථාන 34කින් ඉහළට පැමිණ ඇති අතර, සිය හොඳම ශ්‍රේණිගත ලකුණු (395) සමඟ ඔහු 97 වැනි තැන සිටී. වනිඳු හසරංග (24) ස්ථාන 3කින් පහත වැටී තිබේ.

පිතිකරණ ශ්‍රේණිත කිරීම් අනුව මැද පෙළ පිතිකරු ජනිත් ලියනගේ (511) ස්ථාන 11කින් ඉදිරියට පැමිණ 57 වැනි තැන අත්කරගෙන තිබේ. ඔහු නවසීලන්ත තරගාවලියේදී අර්ධ ශතකයක් ද සමඟ ලකුණු 111ක් රැස් කිරීමට සමත් විය. පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන පැතුම් නිස්සංක (666) 10 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, 13 වැනි ස්ථානයේ සිටි නායක චරිත් අසලංක (18) නවසීලන්ත තරගාවලියේ තරග 3කදී ලකුණු 4ක් පමණක් රැස් කිරීම හේතුවෙන් ස්ථාන 5කින් පහතට වැටී ඇති අතර, කුසල් මෙන්ඩිස් 27 වැනි තැනම සිටියදී අවිශ්ක ප්‍රනාන්දු (66) ස්ථාන 8කින් පහත වැටී තිබේ.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT