නාවලපිටියේ රෝහලක ආපනශාලා බත් පාර්සලයක හූනෙක් තැම්බී සිටියදී රෝගියකුට හමුවී ඇත. එම රෝහලේ 2 වාට්ටුවේ සිටි රෝගියකු ඊයේ (15) උදෑසන එහි ආපන ශාලාවට ගොස් බත් පාර්සලයක් රැගෙන අනුභව කරමින් සිටියදී මේ හූනා දැක තිබේ.
රෝගියා මේ ගැන රෝහල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට සහ රෝහල් අධ්‍යක්ෂතුමාට ද පැමිණිලි කර ඇත. සිද්ධිය පිළිබඳව රෝහල් මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී.බී.අයි. වෑකඩපොළ මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මේ සිද්ධිය පිළිබඳව තමාට කිසිවක් කිව නොහැකි බවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් කැකුළන්දර මහතා ද මේ සිද්ධිය පරීක්ෂා කර ඇති අතර රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් මේ පිළිබඳව විමසීමට රෝහල් දුරකතන හුවමාරුව වෙත ගනු ලැබුවද එම ස්ථානයෙන් අධ්‍යක්ෂවරයා වෙත එම ඇමතුම ලබාදිය නොහැකි බව පැවසීය.
පසුව රෝහල් අධ්‍යක්ෂවරයාගේ ජංගම දුරකතනයට ඇමතුම් ගනු ලැබුව ද ඒ සඳහා ප්‍රතිචාර නොලැබිණි.
ගම්පොළ
සුරංග දිල්හාන්