32
උකුවෙල වැලිගල පුරාණ විහාරයේ විහාරාධිකාරී පුරිජ්ජල ශ්‍රී සරණංකර නාහිමියන් මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) අලුයම අපවත්වී වදාළහ.
උන්වහන්සේ අපවත් වන විට 80 වැනි වියෙහි පසු වූ අතර, උකුවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී වශයෙන් ද, උකුවෙල සමථ මණ්ඩලයේ සභාපති වශයෙන් ද උන් වහන්සේ අනුපමේය සේවාවක් ඉටු කළේය. උන්වහන්සේගේ ආදාහන උත්සවය අද (16) සවස 5.00ට මාතලේ මහ නගර සභා ආදාහනාගාරයේදී සිදු කෙරේ.
උකුවෙල සංචාරක – ප්‍රියන්ත සුමනසේන