Home » කුම්භමේලා උත්සවය අතරතුර විදේශිකයෝ විවාහ ගිවිස ගනිති

කුම්භමේලා උත්සවය අතරතුර විදේශිකයෝ විවාහ ගිවිස ගනිති

by sachintha
January 16, 2025 1:25 am 0 comment

කෝටි 40කට වැඩි බැතිමතුන් පිරිසක් එක්වන ලොව විශාලතම ‘කුම්භ‘ උත්සවයට මිලියන දෙකකට ආසන්න විදේශිකයන් පිරිසක් සහභාගි වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. පළමු දිනයේදී කෝටි 1.5ක බැතිමතුන් පිරිසක් පූජනීය ගංගාවල ස්නානය කරමින් උත්සවයට එක්වූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම උත්සවයේ දෙවැනි දිනයේදී ගංගා, යමුනා හා සරස්වති ගංගාවන් එකට යා කළ ප්‍රයාග්රාජ් නුවර සංගම් ප්‍රදේශය විදේශීය සංචාරකයන්ගෙන් පිරී ගොස් ඇති අතර, බොහෝ විදේශිකයන් සිය විවාහ උත්සවය මෙහිදී සිදු කිරීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.

ෆිජී, ෆින්ලන්තය, ගයනා, මැලේසියාව, මුරුසිය, සිංගප්පූරුව, තායිලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ට්‍රිනිඩෑඩ් හා ටුබෑගෝ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය, අමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසකින් පැමිණෙන විදේශිකයන් වෙනුවෙන් විශේෂිත ප්‍රවාහන, සෞඛ්‍ය හා ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. අධික ජනතාව මධ්‍යයේ විවිධ දුෂ්කරතාවන්ට පත්වන විදේශිකයන්ට විවේක ගැනීමට කූඩාරම් ඉදිකර ඇතැයිද, ඩ්‍රෝන යානා භාවිත කරමින් ඔවුන් අධීක්ෂණය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ද සකස් කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT