Monday, April 21, 2025
Home » පැය ගණනාවක දුෂ්කර මෙහෙයුමකින් දකුණු කොරියාවේ ජනාධිපතිවරයා අත්අඩංගුවට

පැය ගණනාවක දුෂ්කර මෙහෙයුමකින් දකුණු කොරියාවේ ජනාධිපතිවරයා අත්අඩංගුවට

by sachintha
January 16, 2025 1:22 am 0 comment

විමර්ශකයෝ කම්බි වැටවල් කපා මන්දිරයට කඩා පනිති

ජනපති අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට දහසක හමුදාවක්

දෝෂාභියෝගයකින් බලතල අහිමි වූ දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් එරට විමර්ශකයන් විසින් ඔහුගේ පෞද්ගලික නිවෙසේදී අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සමඟම ඔහු ධුරයේ සිටියදී අත්අඩංගුවට පත්වූ දකුණු කොරියාවේ පළමු ජනාධිපතිවරය ලෙස ඉතිහාසයට එක්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා සෝල් නුවර අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සති දෙකක් ගතවූවද අවස්ථා කිහිපයකදී විමර්ශකයන් අසමත්වූයේ ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන්ගෙන් බාධා සිදුවීම හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

උතුරු කොරියාවෙන් සහ රට අභ්‍යන්තරයෙන් එල්ල වන තර්ජන හේතුවෙන් යුද නීතිය ප්‍රකාශ කිරීමෙන් එරට පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයකට ලක්වූ ජනාධිපති යූන් සුක් යෝල් බලතල අහිමි කිරීමෙන් පසු යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ ඔහුගෙන් ප්‍රශ්න කිරීමට විමර්ශකයන් අධිකරණ වරෙන්තුව ලබාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වුවද ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ඔහුගේ ආරක්ෂකයන් නි‍ෙවස වටා කම්බි වැටවල් දමා බාධක ඉදි කර තිබූ බවත්, එම කම්බි වැටවල් කපා දමා දැවැන්ත තාප්පවලින් එම ස්ථානයට පිවිසීම සඳහා විමර්ශකයන්ට ඉනිමං භාවිත කිරීමට ද සිදුවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට විමර්ශන නිලධාරීන් හා පොලිස් නිලධාරින් දහසකට ආසන්න පිරිසක් සහභාගි වී ඇති අතර, එම මෙහෙයුමෙන් පැය කිහිපයකට පසු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

අත්අඩංගුවට පත්වීමට මොහොතකට පෙර ඔහු මිනිත්තු 3ක විඩියෝ පටයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සියලු පරීක්ෂණවලට නිර්භීතව මුහුණ දෙන බවය. තමා අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී වුවද, ලේ වැගිරීමක් සිදුවීම වැළැක්වීම සඳහා විමර්ශකයන්ට යටත්වීමට තීරණය කළ බවද එම විඩියෝ පටයෙන් ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT