DFCC බැංකුව ජාත්‍යන්තර ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ සහ ‘Pro-Am 2025’ ඉසව්වේ නාම අනුග්‍රාහක (Title sponsor) ලෙස කටයුතු කරන බව පසුගියදා නිවේදනය කළේය. ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් හිමි ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය මෙරටදී පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. 2025 ජනවාරි මස 7, 8 සහ 9 යන තෙදින තුළ දර්ශනීය ‘රෝයල් කලම්බු ගොල්ෆ් ක්ලබ්’ (Royal Colombo Golf Club) හිදී පැවැත්වූ මෙම තරගාවලිය, මෙරට කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාවේදීම ජාත්‍යන්තර තලයේ තරගාවලියකට සහභාගී වීම සඳහා සුවිශේෂී අවස්ථාවක් හිමිකර දී ඇත.
1996 වසරේදී ෆැල්ඩෝ තරගාවලිය ආරම්භ කරන ලද්දේ සුප්‍රකට ගොල්ෆ් ක්‍රීඩකයෙකු මෙන්ම සය වරක් මේජර් ශූරතා දිනූ ශ්‍රීමත් නික් ෆැල්ඩෝ විසිනි. කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබමින් අනාගත ගොල්ෆ් තරු බවට පත්වීමේ සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් ආරම්භ කරන ලද එම තරගාවලිය මේ වනවිට ලොව විශාලතම සහ ඉහළම පිළිගැනීමක් සහිත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියක් ලෙස සැලකේ. අනාගත ගොල්ෆ් තරු බිහිකිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ඉතිහාසයක් සහිත එම තරගාවලියට, ලොව පුරා තරගාවලි 38 ක් හරහා රටවල් 28 ක් නියෝජනය කරමින් තරගකරුවන් හා තරගකාරියන් 7,000 කට අධික පිරිසක් සහභාගී වෙති. මීට පෙර මෙම තරගාවලියට සහභාගී වූ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මේ වනවිට ජාත්‍යන්තර ගොල්ෆ් පිටියේ දිලෙන තරු බවට පත් වී සිටිති.
ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට මෙම සුවිශේෂී තරගාවලියට දායක වීමට ස්වර්ණමය අවස්ථාවක් ලැබී ඇත. තරගාවලියේ ප්‍රධානතම අංගයක් වන ‘ෆැල්ඩෝ ජූනියර් ටුවර්’ ඉසව්ව යටතේ 13 – 16 සහ 17 – 21 වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වීමට නියමිත ය. ලෝක ආධුනික ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම් (World Amateur Golf Ranking – WAGR) මගින් අනුමත කර ඇති මෙම 54-hole තරගාවලියේදී තරගකරුවන්ට හා තරගකාරියන්ට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ලකුණු හා ඇගයුම් හිමිකර ගැනීමට අවස්ථාව හිමි වේ. සෑම කාණ්ඩයකම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට වියට්නාමයේදී පැවැත්වෙන ආසියානු අවසන් මහා තරගාවලියට (Faldo Series Asian Grand Final) සහභාගී වීමට අවස්ථාව ලැබෙන අතර, එහිදී විශිෂ්ට දක්ෂතා දක්වන්නන්ට ජාත්‍යන්තර තලයේ ගොල්ෆ් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන යුරෝපීය අවසන් මහා තරගාවලියට (European Grand Final) සහභාගී වීමටද අවස්ථාව ලැබෙනු ඇත.