CBL සමපෝෂ, අඛණ්ඩව 13වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතාවලිය සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (SSFA) විසින් සංවිධාන කරනු ලබන ‘සමපෝෂ වයස අවුරුදු 14 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය‘ 2025 ජනවාරි සහ පෙබරවාරි මාසයන්හිදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සිය මඟපෙන්වීම සහ මෙහෙයවීම සිදු කරනු ලබයි.
මෙම තරගාවලිය සඳහා පාසල් පාපන්දු තරගකරුවන් 12,000 කට අධික ප්‍රමාණයක් සහභාගි වන අතර, වසර ගණනාවක් පුරාවට මෙම පාසල් පාපන්දු ශූරතාවලිය සඳහා දිවයිනේ පාසල් තුළ දක්නට ලැබෙන උද්වේගකර ප්‍රතිචාරය සුවිශේෂී වේ. දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහ පුරා ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩාංගණ 32කදී, බාලක කණ්ඩායම් 492ක් සහ බාලිකා කණ්ඩායම් 118ක් මේ සඳහා සහභාගි වනු ඇත. තරගාවලියේදී දිස්ත්‍රික්ක මට්ටමින් ජයග්‍රාහක බාලක කණ්ඩායම් 32ක් සහ බාලිකා කණ්ඩායම් 28ක් වවුනියාව කේන්ද්‍ර කර ගනිමින් දෙවන වටය සඳහා සුදුසුකම් ලැබීමට නියමිතය.
තරගාවලියේ පළමු වටයේ තරග ජනවාරි මස 1 දා සිට ආරම්භ වූ අතර දෙවන වටයේ තරග පෙබරවාරි 1, 2 සහ 3 දිනයන්හිදී වවුනියාවේ දී ආරම්භ වීමට නියමිතය. බාලක, බාලිකා දෙඅංශයේම හොඳම ක්‍රීඩකයා, හොඳම ක්‍රීඩිකාව සහ හොඳම ගෝල් රකින්නා සඳහා ද විශේෂ ඇගයීම් හා සම්මාන තරගාවලිය අවසානයේ දී පිරිනමනු ලබයි.
CBL ආහාර අංශයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි මංජුල දහනායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ අවධාරණය කළේය. ‘ශ්‍රී ලාංකේය පාසල් දූ දරුවන් පාපන්දු ක්‍රීඩාව කෙරෙහි දක්වන උනන්දුව වර්ධනය කිරීම හා ඒ තුළින් සාමූහිකත්වය විනය, සහ අනාගත ක්‍රීඩා අභිලාෂයන් ඔප් නැංවීමේ අරමුණින් CBL සමපෝෂ මෙම පාපන්දු තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙනවා. දේශීය සමාගමක් හැටියට හැමදාමත් දැයේ දූ දරුවන්ගේ ඉදිරි ගමන්
මඟ උදෙසා අතහිත දීම අපගේ අරමුණ වන අතර මෙම අනුග්‍රහය දැක්වීම තුළින් ද අප බලාපොරොත්තු වන්නේ එයයි.’
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති, ජස්වර් උමාර් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.