ඔබ්බට ගොස් “Fold to Unfold a Sustainable Future” යන තේමාව යටතේ පසුගියදා එළිදක්වනු ලැබීය. දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් සිය කැපවීම විදහා පාමින් නවීන තාක්ෂණය සභ තිරසාරත්වය කැටිකර ගනිමින් NDB බැංකුව විසින් මෙම දින දර්ශනය නිර්මාණය කර තිබේ. 2025 දින දර්ශනයේ සුවිශේෂත්වය නම් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ඩිජිටල් සහකරු වන NDB කැලැන්ඩර් පෑල් (Calendar Pal) ය. මෙම වසරේ, කැලැන්ඩර් පෑල් ආකර්ෂණීය ඔරිගාමි නිර්මාණයක් සකසා ගැනීම සඳහා පරිශීලකයින්ට මඟපෙන්වමින් නැවුම් අත්දැකීමක් එක්කරයි. සෑම මාසයකම දින දර්ශන පිටුව ඔරිගාමි නිර්මාණයක් බවට පරිවර්තනය කරගත හැකි වන අතර, දින දර්ශන පිටුවල ඇති QR කේත ස්කෑන් කිරීම හරහා කැලැන්ඩර් පෑල් විසින් සපයනු ලබන නැමීමේ උපදෙස් අනුගමනය කිරීමෙන් එම ඔරිගාමි නිර්මාණය සකසා ගත හැක. මෙම ඔරිගාමි නිර්මාණ හුදෙක් කලා නිර්මාණයක් පමණක් නොව, එම සෑම නිර්මාණයක්ම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (UNSDGs) හා සම්බන්ධ පණිවිඩයක් ද රැගෙන එයි.
මෙම නව්‍ය නිර්මාණය එළිදැක්වීම සඳහා NDB බැංකුව විසින් නවම් මාවතේ පිහිටි සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී උත්සවයක් ද සංවිධානය කරන ලදී. තිරසරභාවය පිළිබඳ ක්ෂේත්රයේ ප්‍රවීණයන්, කුඩා දරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සමඟින් පැවැත්වුණු මෙම වැඩසටහන ඔරිගාමි නිර්මාණය කිරීම සහ තවත් අංග රැසකින් සමන්විත වූ අතර වැඩසටහන අවසානයේදී පැමිණ සිටි පිරිස වෙත ත්‍යාග පිරිනැමීම ද සිදු විය. උත්සව අවස්ථාව අමතමින් NDB බැංකුවේ ජෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ “NDB බැංකුවේ අප සෑම විටම සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගමන් කිරීම පිළිබඳව විශ්වාස කරනවා. 2025 වසරේ දින දර්ශනය නවෝත්පාදනයන් තුළින් තිරසරභාවය සමඟ සම්බන්ධ වීම සඳහා වන සිහි කැඳවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහි ඇති සෑම ඔරිගාමි නිර්මාණයක්ම සමඟම අපගේ අනාගතය හැඩගස්වා ගැනීමට දායක වන සාරධර්ම සමඟ සබඳතාවයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.