Home » ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය 29වැනිදා සිට

ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය 29වැනිදා සිට

by chanaka
January 15, 2025 2:39 pm 0 comment

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකා පිල අතර පැවැත්වෙන එක්දින හා ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර ඇත.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය 2025 ජනවාරි 29වැනිදා සිට පෙබරවාරි 02වැනිදා දක්වාත්, දෙවන තරගය පෙබරවාරි 06 වැනිදා සිට පෙබරවාරි 10වැනිදා දක්වාත් පැවැත්වීමට නියමිතය.

මෙම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

මේ අතර තරග දෙකකින් යුතු එක්දින තරගාවලියේ තරග දෙකම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

එම තරග දෙක දිවා තරග ලෙසින් 2025 පෙබරවාරි 12 වැනිදා සහ පෙබරවාරි 14 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT