Home » අවුරුදු 14 ක්‍රීඩිකාව ත්‍රිත්ව ශතකයක් ලබයි

අවුරුදු 14 ක්‍රීඩිකාව ත්‍රිත්ව ශතකයක් ලබයි

by sachintha
January 15, 2025 1:47 am 0 comment

ඉන්දියාවේ අවුරුදු 19න් පහළ කාන්තා පිටියේ ත්‍රිත්ව ශතකයක් ලැබූ පළමු ක්‍රීඩිකාව ලෙස 14 හැවිරිදි අයිරා ජාදෙව් වාර්තා පොතට එක්වූවාය. මුම්බායි පිල නියෝජනය කරන ඇය අවුරුදු 19න් පහළ එක්දින කුසලාන තරගාවලිය යටතේ පසුගියදා මෙගාලය ප්‍රාන්තයට එරෙහිව බෙංගලූර් හි පැවැති තරගයකදී නොදැවී ලකුණු 346ක් රැස් කරමින් එම වාර්තාව තැබුවාය.

මුම්බායි පිලේ ආරම්භක පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි අයිරාගේ දැවැන්ත ඉනිමට වැය වී ඇත්තේ පන්දු 157ක් පමණි. හතරේ පහර 42කින් සහ හයේ පහර 16කින් වර්ණවත් වූ අයිරාගේ ඉනිම හේතුවෙන් මුම්බායි පිල කඩුලු 3කට ලකුණු 563ක් රැස් කළ අතර, මෙගාලය පිල ලකුණු 19කට දැවී ගියේය. ඇය මේ වසරේ පැවත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලිය සඳහා ලියාපදිංචි වූ ක්‍රීඩිකාවන් අතර එරට ළාබාලතම ක්‍රීඩිකාවක ද වූවාය. එහෙත් ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසියේදී ඇය අලෙවි නොවූ බව ද වාර්තා වේ. මේ දිනවල මැලේසියාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ඉන්දීය පිලේ අතිරේක ක්‍රීඩිකාවක ලෙස ද ඇය නම් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT