ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පසුගියදා නිමාවූ තරගයකදී ද්විත්ව ශතකයක් රැස්කරමින් මෙවර තරග වාරයේ තම දෙවැනි ශතකය වාර්තා කිරීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ නායක කවිජ ගමගේ සමත් විය.
කවිජ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව පන්දු 204කදී හතරේ පහර 29ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 214ක් රැස් කළේය.
කිංග්ස්වුඩ් – ධර්මපාල තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
කිංග්ස්වුඩ් පළමු ඉනිම ලකුණු 335 (ඕවර් 81.1) කවිජ ගමගේ 214, ආදිල් ෂෙරිෆ් 42 (නෙත්මිණ නිර්මාල් 69/5, නිසලිත සන්දිව් 73/3)
ධර්මපාල පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 208 (ඕවර් 68) චිතුම් බැද්දගේ 50, සිතික කටුගම්පොල 49, නෙත්මිණ නිර්මාල් 30, නිසලිත සන්දිව් 22. (කෙනුල පිහිලිඅංග 65/5, කවිජ ගමගේ 60/3)