Monday, April 21, 2025
Home » ලේබල් නීති කැඩූ දිවුලපිටිය සතිපොළේ වෙළෙඳුන් 23කට අවවාද

ලේබල් නීති කැඩූ දිවුලපිටිය සතිපොළේ වෙළෙඳුන් 23කට අවවාද

by sachintha
January 15, 2025 2:06 am 0 comment

දිවුලපිටිය සතිපොළේ සිදුකළ හදිසි පරීක්ෂා කිරීමක දී, ලේබල් නීති රෙගුලාසි උල්ලංඝනය කළ වෙළෙඳුන් 23දෙනකුට අවවාද කළ බව දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. රස කැවිලි සහ කුළුබඩු වර්ග ඇතුළු ආහාර ද්‍රව්‍ය පැකට් කර අලෙවි කළ මෙම වෙළෙඳුන්, එම ඇසුරුම්වල නියමිත ලෙස ලේබල් සහ අඩංගු කරුණු සඳහන් කර නොමැත.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් විසින් එම අඩුපාඩුව පෙන්වා දෙමින්, ඒවා නිවැරදි කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවත්, ඉදිරියේදී එම උපදෙස් නොසලකා හරින වෙළෙඳුන් හට නඩු පැවරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලක්මාලි පෙරේරා මහත්මියගේ උපදෙස් පරිදි, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙණිය මහතාගේ මෙහෙයවීම යටතේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 14ක් මෙම සෝදිසි කිරීමේ කටයුතු සඳහා එක්ව සිටියහ.

මිනුවන්ගොඩ සමූහ – ටෙඩී කීර්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT