වැල්ලවාය මොනරාගල මාර්ගයේ කලකට පෙර බස් රථ පවා ධාවනය වූ කුඩාඔය හරහා ඉදිකර තිබූ පාලම මේ වන විට දිරාපත්වී අබලන් වෙමින් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
වසර ගණනාවකින් මෙම පලම නඩත්තු නොකිරීම නිසා පාලමේ ස්ථාන රැසක වළවල් හෑරී ඇති අතර දෙපස ආධාරක යකඩ වැටේ කොටස්ද නොමැතිව අවදානම් තත්ත්වයක් පවා ඇතිවී තිබේ.
එසේ වුවද මෙම මාර්ගය හරහා මේ වන විටත් ප්‍රදේශවාසීන් තම දෛනික ගමනාගමන කටයුතු සිදු කරගන්නා අතර පාපැදි හා යතුරුපැදි පමණක් ධාවනය කරනු ලැබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රදේශවාසීහු පිරිසක් මෙසේ කියා සිටියහ.
මේ පාලම අවුරුදු සියයකට වැඩිය පැරණි පාලමක්, ගල්කුට්ටි උඩ තමයි හදලා තියෙන්නේ, අදටත් පාලමේ කිසිම කොටසක් විනාශ වෙලා නෑ, අබලන් වෙලා තියෙන කොටස් යථා තත්ත්වයට පත් කළා නම් ඉතාමත් හොඳින් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. නමුත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවධානය යොමු කරලා නෑ. පසුගිය කාලේ මෙහි යකඩ ටික ගලවාගෙන යන්න නම් කොන්ත්‍රාත් එක්ක දීල තිබුණා කියලා ආරංචියි, ගම්මුන්ගේ විරෝධය නිසා ඒක නතර වුණා.
අදටත් මේ පාලමෙන් ගම්මු විශාල පිරිසක් ප්‍රයෝජනයට ගන්නවා. අපි කියන්නේ මේ පාලමේ දිරාපත්වූ කෙටස් නැවත සකස් කරලා ජනතාවට ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහට හදන්න කියලා.
වැල්ලවාය විශේෂ ජී.අයි.ආර්. ගරුසිංහ