නිමාවට පත්වූ 54 වන Òජපන් ලෝක ළමා චිත්‍ර තරගයේÓ රටවල් 56 ක් සමඟ තරගකර රන් පදක්කමක් දිනා ගැනීමට මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලේ ජේ.ඒ.ඩී. නින්නදි චමත්සරා සිසුවිය සමත්ව තිබේ.
කුඩා කල සිටම චිත්‍ර කලාවට උපන් හපන්කමක් දක්වන නින්නදි චමත්සරා ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලේ චිත්‍ර කලාව හදාරන්නීය.
මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉෙගනුම ලබන නින්නදි විද්‍යාලයීය චිත්‍ර කලා සංගමයේ සාමාජිකාවකි. විෂයක් ලෙස චිත්‍ර කලාව හදාරන ඇය මේ වන විට ජයග්‍රහණ රැසක් හිමිකර ෙගන තිබේ. 2017 සොබා සිත් රූ තරගාවලියේ ප්‍රථම ස්ථානයත්, 2017 බස්නාහිර පළාත් සාහිත්‍ය හා චිත්‍ර තරගාවලියේ ප්‍රථම ස්ථානය , 2017 – 2018 මතුගම ආනන්ද ශාස්ත්‍රාලයීය Òවර්ණ රේඛා නන්දයÓ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයේ දෙවන ස්ථාන මතුගම ප්‍රාදේශීය සභාවේ 2018 සාහිත්‍ය තරගාවලියේ චිත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය, 2018 Òගුවන් සිත්තරාÓ තරගාවලියේ ප්‍රථම ස්ථානය, 2019 විද්‍යාලයීය වර්ණ රේඛා නන්දය චිත්‍ර තරගාවලියේ තෙවන ස්ථානය, 2022 වර්ෂයේ එම තරගයේ විශිෂ්ට කුසලතා සම්මානය සමඟ ප්‍රථම ස්ථානය, 2023 බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ චිත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය, 2024 වර්ණ රේඛා නන්දය චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයේ ප්‍රථම ස්ථානය, 2024 මතුගම අධ්‍යාපන කලාපයේ Òසිත් රූÓ චිත්‍ර තරගාවලියේ ප්‍රථම ස්ථානය ඇතුළු දෙස් විදෙස් චිත්‍ර තරග රැසක ජයග්‍රහණ හිමිකරෙගන තිබේ.
2024 වසරේ 54 වන ජපන් ජාත්‍යන්තර ලෝක ළමා චිත්‍ර තරගයේ රන් පදක්කමක් සහ සහතික පත්‍රයක් පසුගිය දා රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව රත්නායක මහතා අතින් ලබා ගත් අතර, එම තරගය සඳහා ඉදිරිපත් කළ දියසායම් මාධ්‍යයෙන් “පරිසරයේ මායාව” චිත්‍රය රටවල් 56 ක ළමා සිත්තරුන්ගේ චිත්‍ර අබිබවා ප්‍රථම ස්ථානයට පත්ව රන් පදක්කම දිනා ගැනීමට සමත්ව ඇත.
මීගහතැන්න සමූහ