කලාපීය තර්ජනයක් ලෙස වර්ධනයවන මියන්මාරයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවල මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා තායිලන්තයේ කැපවීම තායිලන්තයේ ජාතික ආරක්‍ෂක මණ්ඩලයේ (NSC) මහලේකම් Chatchai Bangchuad මහතා අවධාරණය කරයි.
තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි, නිත්‍ය නියෝජිත විජයන්ති එදිරිසිංහ මහත්මිය පසුගියදා මහලේකම්වරයා හමුවූ අවස්ථාවේ මේ බව සදහන් කර ඇත.
ආරක්ෂක ක්ෂේත්‍රයේ වැඩි සහයෝගීතාවයක් ඇති කර ගැනීම සහ ජාතීන්ට සහ කලාපයට බලපාන හවුල් අභියෝගවලට විසඳුම් සෙවීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වූ බව පැවසේ.
මෙම හමුවේදී දෙපාර්ශවයම ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ද්විපාර්ශ්වික අන්තර්ක්‍රියා වැඩි දියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ජාතික ආරක්‍ෂාව, මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සහ කලාපයට වැදගත් අවධානයක් යොමු කරන දේශසීමා ආරක්‍ෂක ගැටලු වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳවද සාකච්ඡාවට ලක්ව ඇත.
තායිලන්තයේ අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආරක්ෂක කවුන්සිලයේ කාර්යාලය, ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ජාතික ආරක්‍ෂාව ඉදිරියට ගෙන යාමේදී ජාතික ආරක්ෂක කවුන්සිලයේ කාර්යභාරය තානාපතිනිය අගය කළ අතර ප්‍රතිපත්ති සංවර්ධනය සහ ක්‍රියාත්මක කිරීමේදී තායිලන්තයේ අත්දැකීම් වලින් ඉගෙන ගැනීමට ශ්‍රී ලංකාව තුළ ඇති උනන්දුව ප්‍රකාශ කළේය.