මියන්මාරයේ සිට මුහුදේ පාවෙමින් කන්කසන්තුරේ මරදන්කීරි වෙරළට ගොඩ ගසා තිබු පාරුවක සවිකළ රන්සිවි ගෙයක් අද (16 ) දින උදෑසන සොයාගත් බව පොලිසිය කියයි.
වෙරළේ තිබි සොයාගත් පාරුවක තිබු රන්සිවි ගෙය තුළ තිබී බුදු පිළිම කිහිපයක්,පාත්තර,ඇතුළු පුජා භාණ්ඩ තිබි ඇති අතර හිමි නමකගේ ජායාරුප සහිත පුවරු කිහිපයක් රන්සිවි ගෙහි එල්ලා තිබු බව සඳහන් වෙයි.
මියන්මාර වෙරළෙන් පාරුව සහිත රන්සිවි ගෙය මුහුදට දමා ඇත්තේ භාරයක ඔප්පුකිරීමක් වෙනුවෙන් යැයි කියමින් තඹ තහඩුවක මියන්මාර භාෂාවෙන් ලියා තිබු බවද වාර්තා වෙයි.
යාපනය භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් මත කන්කසන්තුරේ ජේෂ්ඨ පොලිස් අධිකාරි අබේනායක මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරි චන්දන ජයතිලක මහතාගේ උපදෙස් මත මරදන්කීරි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.