Home » ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් පත් වෙයි

ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් පත් වෙයි

by yasara
January 15, 2025 1:17 pm 0 comment

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය නැවත ස්ථාපනය කිරීම වෙනුවෙන් එහි පළමු රැස්වීම පසුගිය (08) වැනි දින පැවති අතර එහිදී සංසදයේ සම සභාපතිවරුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම යන මහත්වරු තේරී පත් වූහ.

මෙහිදී සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස සමගි ජනබලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ ජාතික ජනබලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා තේරී පත්වූ අතර සම කැඳවුම්කරුවන්  ලෙස සමගි ජන බලවේගයේ   පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න සහ ජාතික ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීනි  නීතිඥ අනුෂ්කා තිලකරත්න යන මහත්මීහු  තේරී වූහ.

සංසදය අමතමින් සම සභාපතිවරුන් පවසා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇති කාලයක දේශගුණික විපර්යාස මෙරටට සිදු කරන බලපෑම් සහ ඒවාට ගතයුතු පියවර පිළිබඳව සාමූහිකව ඉදිරියේදී සාකච්ඡා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT