Home » ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය ගැන දැනුම් දීමක්

ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය ගැන දැනුම් දීමක්

by chanaka
January 15, 2025 12:57 pm 0 comment

පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95%කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එහි කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජක්ෂ මහතා පවසා සිටියේ, ඒ අනුව මේ වනවිට රුපියල් මිලියන 16,369ක මුදලක් ලබාදී ඇති බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිට පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 9,889 මුදලක් ගොවීන් වෙත නිකුත් කර තිබුණි.

එමෙන්ම අද (15) දිනය වනවිට රුපියල් මිලියන 1,666 මුදලක් ලබාදීමට ද පියවර ගන්නා බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

අනුරාධපුරය, අම්පාර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට වැඩිම සහනාධාර මුදල් ලබාදී ඇති බවද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT