ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයට අයත් පිළියන්දල මිරිස්වත්ත සැපයුම් අංශයට අයත් ලොරියක් අද (15) අලුයම පිළියන්දල කොළඹ මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේදී අනතුරට පත්වීමෙන් බරපතළ අලාභ සිදු වී ඇතැයි පිළියන්දල පොලිසිය කියයි
එම අනතුරින් රියදුරු සුළු තුවාල ලබා ඇත
සිදුවූ අනතුරින් ද්විත්ව විදුලි පහන් කණුව තිබු ස්ථානයෙන් කැඩී වෙන්ව ඇති අතර ලොරියේ ඉදිරිපස කොටස බරපතළ අලාභ සිදුවී ඇත
රියදුරු පිළියන්දල දෙස සිට කොළඹ දිසාවට ලොරිය ධාවනය කිරීමේදී මැද දූපතේ ගැටී පාලනය කරගත නොහැකිව එම දූපතේ ස්ථාපිත කර තිබෙන ද්විත්ව විදුලි පහන් කණුවේ ගැටී ලොරිය පෙරළී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි
රියදුරට නින්ද යාම හේතුවෙන් අනතුර වන්නට ඇතැයි පොලිසිය සැක කරයි
පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බොතෙජු පොලිස් කොස්තාපල්වරුන් වන 86559 කුරේ 4202 දිසානායක මහත්වරු පරීක්ෂණ පවත්වයි