Home » මුහුදු වැලි පටවන ලද ටිපර් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට

මුහුදු වැලි පටවන ලද ටිපර් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට

by yasara
January 15, 2025 9:41 am 0 comment

පානදුර පින්වත්ත මුහුදේ අනවසරයෙන් මුහුදු වැලි  පටවන ලද ටිපර් රථයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු  අද  (15) අළුයම  අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , පින්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් සිව්දෙනෙකි.

යුධ හමුදා බුද්ධි අංශ නිළධාරින්ට ලද තොරතුරක් මත පොලිස් නිළධාරින් සමග වැටලීම සිදුකර සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන වැලි පිරවූ ටිපර් රථය සහ සවල් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ .

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT