Monday, April 21, 2025
Home » ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධාන සහාය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධාන සහාය

by sachintha
January 15, 2025 2:04 am 0 comment

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි වැඩසටහනක් බවත් මෙම වැඩසටහන තුළින් සමාජයට විශාල බලපෑමක් සිදු කිරීමේ හැකියාවක් පවතින බවත්, රාජ්‍ය නොවන සංවිධාන සඳහන් කරයි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධානවල පූර්ණ සහාය ලබාදීමට ද කැමැත්ත පළ කර තිබේ.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සඳහා රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසීමේ වැඩසටහනක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්විණි. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ කැඳවීමකට අනුව, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දමයන්ති කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සහභාගිත්වයෙන් සාකච්ඡාව පැය දෙකහමාරකට අධික කාලයක් පැවති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

වැඩසටහන අවසාන භාගයේ දී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ද ඊට එක් වූ අතර, clean sri lanka, වැඩසටහන සඳහා රාජ්‍ය නොවන සංවිධානවල සහභාගිත්වය හා සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් ද කෙරිණි. මෙම වැඩසටහන පිළිබඳ පූර්ව දැනුවත් කිරීම් සිදු කොට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ඔවුන් විසින් දන්වන ලදි. රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන ජාතික එකමුතුව, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සාමූහිකය හා එම කණ්ඩායම් දෙකටම අයත් නොවන රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයෝද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT