වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාමාධිපතිව වැඩ විසූ අධ්‍යාපනවේදී, ශාස්ත්‍රපති ලබුතලේ සුදස්සන නාහිමියෝ පෙරේදා (13) අපවත්වී වදාළහ.
අපවත් වන විට 75 වැනි වියේ පසුවූ උන්වහන්සේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, සේදවත්ත ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය, මරදාන ශ්‍රී සංඝරාජ විද්‍යාලය යන විදුහල්වල විදුහල්පති ධුරය ද හොබවා ඇත.
බණ්ඩාරනායක විද්‍යාලයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ උන්වහන්සේ සේවයේ නිරතව සිටි 2006 සහ 2012 කාල වකවානුවයි. තමන් වහන්සේගේ පුද්ගලික මෝටර් රථය කැප කරමින් විද්‍යාලයේ පිහිනුම් තටාකය ඉදිකිරීමට පියවර ගැනීමෙන් උන්වහන්සේ සමාජයේ දැඩි කතාබහට ද ලක්වූ චරිතයකි. බණ්ඩාරනායක විද්‍යාලයේ භෞතික මෙන්ම සිසුන්ගේ අධ්‍යාපන වර්ධනයක් ද උන්වහන්සේගේ කාලයේ සිදු වූ බව අවිවාදයෙන් පිළිගන්නා කරුණකි.
කොළොන්නාව ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ලෙස ද උන්වහන්සේ කටයුතු කර තිබේ. වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාම විහාරයේ තැන්පත් කොට ඇති උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට (16) සවස කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය.
කොළොන්නාව සමූහ ඒ. සුමනසේන සහ මුල්ලේරියාව සිරිසේන ගමගේ