Monday, April 21, 2025
Home » ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහාලු පර්යන්තවල ඉහළම වර්ධනයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහාලු පර්යන්තවල ඉහළම වර්ධනයක්

by sachintha
January 15, 2025 1:57 am 0 comment

කොළඹ වරාය 2024 වර්ෂයේදී හැසිරවූ බහාලුම් මිලියන 7.7 අතරින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය බහාලු පර්යන්තය සහ නැඟෙනහිර බහාලු පර්යන්තය බහාලුම් මෙහෙයුම් මිලියන 2.4ක් මෙහෙයවා තිබේ.

මෙය 2023දී හසුරුවන ලද බහාලුම් 1.9ට සාපේක්‍ෂව 23%ක කැපී පෙනෙන වර්ධනයක් බැවින් කොළඹ වරාය තුළ ඉහළම වර්ධනය පෙන්නුම් කරන පර්යන්තයක් ලෙසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහාලු පර්යන්ත පත්ව තිබේ.

කොළඹ වරාය 2024දී බහාලු මිලියන 7.7ක් හසුරුවා ඇති අතර, මෙය 2023දී හසුරුවන ලද බහාලු මිලියන 6.9 හා සසඳන විට 12.3%ක වර්ධනයකි. එය කොළඹ වරාය දකුණු ආසියානු සමුද්‍රීය කලාපය තුළ නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස නැවත තහවුරු කිරීමකි.

නැඟෙනහිර බහාලු පර්යන්තය දිගින් මීටර් 400ක් ඉක්මවන සහ බහාලු 23,000 කට වඩා රැගෙන යා හැකි නැව් ඇතුළුව ලොව විශාලතම නෞකා හැසිරවීමේ හැකියාව පෙන්නුම් කර ඇත. එමඟින් ගෝලීය සමුද්‍ර කර්මාන්තයේ ප්‍රමුඛ ස්ථානයකට පත්වීමේ හැකියාව පෙන්නුම් කරයි.

2026 වන විට සමස්ත කොළඹ වරායේ ධාරිතාව බහාලු මිලියන 15ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

2024දී කොළඹ වරාය ජාත්‍යත්තර බහාලු පර්යන්ත (CICT) විසින් අඩි 20 සහ ඒකක බහාලු මිලියන 3.3ක් මෙහෙයුම් සිදු කළ අතර, දකුණු ආසියා ගේට්වේ පර්යන්තය (SAGT) අඩි 20 සහ ඒකක බහාලු මිලියන 2.0ක් හසුරුවන සමස්ත කොළඹ වරායේ බහාලු මෙහෙයුම් හැකියාවේ ශක්‍යතාව පෙන්නුම් කරයි.

අති නවීන යටිතල පහසුකම් සංවර්ධනය සහ පුළුල් වන ධාරිතාව සමඟින් කොළඔ වරාය ඉදිරි වසරවල ගෝලීය නාවික සහ සැපයුම් කර්මාන්තයේ ප්‍රශස්ත මට්ටම කරා ළඟා වනු ඇත. එය මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් දෙනු ඇත.

රන්මලී සෝමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT