දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි විදේශීය ජාතිකයින් හයදෙනෙකු හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන තිබේ.
ඊයේ(14) සවස් කාලයේ දී හික්කඩුව, නාරිගම වෙරළ තීරයේ දියනෑමට ගිය විදේශීය ජාතික කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස දියවැලකට හසුව ගසා ගෙන යමින් සිට ඇත.
එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත උප පොලිස් පරීක්‍ෂක දේශප්‍රිය,
පොලිස් කොස්තාපල් 94998 හේමකුමාර, පොලිස් කොස්තාපල් 27794 බණ්ඩාර, පොලිස් කොස්තාපල් 99492 කණිෂ්ක හා පොලිස් කොස්තාපල් 102748 දිසානායන යන නිලධාරින් විසින් ඔවුන් බේරාගෙන තිබුණි. අනතුරට පත් විදේශීකයන් අවුරුදු 25ත් 32ත් අතර වයස්වල පසුවන රුසියානු ජාතිකයන් බව පොලිසිය සදහන් කරයි.