Wednesday, April 9, 2025
Home » කුම්භමේලා ආගමික උත්සවයට මිලියන ගණනාවක ජනතාව එක්වෙති

කුම්භමේලා ආගමික උත්සවයට මිලියන ගණනාවක ජනතාව එක්වෙති

by sachintha
January 15, 2025 12:39 am 0 comment

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයාග්රාජ් නුවරදී ආරම්භ වූ ලෝක ආගමික උත්සව අතුරින් වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගි වන විශාලතම ‘කුම්භමේලා‘ උත්සවයේ දෙවැනි දිනය වූ ඊයේ මිලියන ගණනාවක බැතිමතුන් ස්නානය කිරීමේ චාරිත්‍රය ඉටු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ලබන පෙබරවාරි මස 26 වැනිදා දක්වා දින 44ක් පුරා මෙවර උත්සවයට ලොව දසදෙසින් කෝටි 40කට වැඩි බැතිමතුන් පිරිසක් සහභාගිවනු ඇතැයි වාර්තා වේ. පාපයෙන් ගැලවීම සඳහා උපකාරි වනු ඇතැයි හින්දු බැතිමතුන්ගේ විශ්වාසයට අනුව ඉදිරි සති කිහිපය තුළ කුම්භමේලා විශේෂ චාරිත්‍ර ඉටු කිරීමට ආගමික නායකයන් හා බැතිමතුන් ප්‍රයාග්රාජ් නුවරට එක්රැස් වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT