පසිඳුරන් පිනවනු පිණිස පාප ආශාවන්ට ඉඩ නොදෙන්න. (රෝම 13.13 – 14)
මේ වදන් අදට කදිමට ගැළපෙන කියමනකි. එසේම, මෙකල අප ඇදහිල්ලට පවා නන් දිසාවලින් එල්ල වන්නේ බලවත් අභියෝගයන්ය. මේ නිසාම අපි නත්තලේ සැබෑ අර්ථය සොයා යන්නටත්, අපගේ ජීවිත එම වටිනාකම් උකහාගෙන සවිමත් කරගැනීමටත් වහ වහා ක්‍රියා කළ යුතුය.
‘කවුරු වුවත් ඔබ
කොතැන වුවත් ඔබ
මගේ සහෝදරයා…//
පටපිළි ඇන්දත්
වැරහැලි ඇන්දත්
ඔබ මගෙ සොහොයුරෙකී
සිතුමට පැතුමට
පටහැණි වූවත්
ඔබ මගෙ සොහොයුරෙකි
ජාතිය පෙළපත
මොනවා වුවත්
ඔබ මගෙ සොහොයුරෙකි
මිනිස් ලොවේ
වෙසෙනා ඔබ සැම දෙන
මගේම සොහොයුරෙකී
ඔබේ දෙනෙත් අග
නැඟෙන කඳුළු දැක
මටද කඳුළු එනවා
ඔබෙ හැඩය ගැන
ඔබේ පැහැය ගැන
නෑ මා සලකන්නේ
ඔබේ අඩුව ගැන
ඔබේ වැඩිය ගැන
නෑ මා විමසන්නේ
සොහොයුරු බැල්මෙන්
ඔබ දෙස බලමින්
මා ඔබ සලකන්නේ
කවුරු වුවත් ඔබ
කොතැන වුවත් ඔබ
මට සොහොයුරු වන්නේ
ඔබේ දයාබර
අත අල්ලා මං
නිති සොහොයුරු වෙනවා
ඔබේ දයාබර
අත අල්ලා මං
ඔබ හා එක් වෙනවා…
පද සංකල්පනාව – මොල්ලිගොඩ මෝසස් පෙරේරා පියතුමා
බෙනඩික් ජෝශප් පියතුමා