Home » ඇඹිලිපිටිය මහ වී මෝල නැවත අරඹන්න – කෘෂිකර්ම ඇමැතිට යෝජනාවක්

ඇඹිලිපිටිය මහ වී මෝල නැවත අරඹන්න – කෘෂිකර්ම ඇමැතිට යෝජනාවක්

by sachintha
January 15, 2025 1:43 am 0 comment

අඩසියවසකට ආසන්න කාලයක සිට මුළුමනින්ම වසාදමා ඇති ඇඹිලිපිටිය මොරකැටිආරෙ පිහිටි දකුණු ආසියාවේ මහ වී මෝල ලෙස නම්කර ඇති වී ගබඩා සහල් සංකීර්ණයේ කෝටි දහයකට වැඩි වටිනාකමකින් යුත් යන්ත්‍ර සූත්‍ර පාවිච්චියට නුසුදූසු තත්වයට දිරාපත් වෙමින් ඇතැයි වලව කලාපීය ගොවි සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.

විශාල භුමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම වී මෝල් සහල් සංකීරණයේ භූමියේ කොටස් විවිධ පුද්ගලයන්හට පවරා දී ඇති අතර සෙසු භුමි ප්‍රදේශද අත්පත් කර ගැණිමට පුද්ගලයින් වුත්සාහ කරමින් පසුවන අතර විශාල ගොඩනැගිලිවල දොර ජනෙල් ඇතුළු වටිනා උපාංගද සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් වලවනදී ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පියසේන දිසානායක මහතා (60).

“මේ වී මෝල් සංකීර්ණය 1960 අවුරුද්දෙ බණ්ඩාරනායක මැතිණියගේ රජයට චීන ආධාර යටතේ ලැබුණේ දකුණු ආසියාවේ මහ වී මෝල රත්නපුර මොනරාගල දිස්ත්‍රික්ක තුනේම ගොවි ජනතාවගේ සුභ සිද්ධිය සඳහා ආරම්භ කළේ එදා කෘෂිකර්ම වාරිමාර්ග ඇමැති ලෙස සිටි සී.පී. ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළේ 70 සමගි පෙරමුණ රජය යටතේ කොළොන්න පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඕ. විමලනාග මහතා වී මෝල වැඩි දියුණුකර සහල් සංකීර්ණයක් ආරම්භ කර කලාපයේ තරුණ තරුණියන්ට රැකියා ලබාදුන්නා. ඔවුන්ගේ ඉදිරි දැක්ම වුනේ මොනරාගල, රත්නපුර, හම්බන්තොට ප්‍රදේශ තුල අක්කර 75000ක් බෙදා දී ගොවි පවුල් 40000ක ආර්ථිකය අතින් වැඩිදියුණු කර රටේ වී අස්වැන්න වැඩිකර විදේශ රටවලට යවා විදේශ විනිමය උපයා ගැනීමයි. නමුත් 77න් පස්සෙ සියල්ල කනපිට ගැහිලා රටේ ජාතික සම්පතක් වූ මොරකැටියේ පිහිටි සහල් සංකීරණය මුළුමනින්ම වල දමලා. මේක අද සක්‍රිය තත්ත්වයේ තිබුණානම් කලාපයේ වී ගොවීන්ට පමණක් නොවෙයි පාරිභෝගික ජනතාවට පවා මහත් සෙත සැලසීමක් වෙනවා. නව රජයේ කෘෂිකර්ම ඇමතිතුමාගෙන් අපි ඉල්ලා සිටින්නෙ ඉහත වී මෝල් සංකීර්ණය යළි පිළිසකර කර දෙන ලෙසයි.”

ඇඹිලිපිටියේ – සේන වී. ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT