Home » හානියට පත් වගාවන්ට වන්දි මුදල් නිදහස් කිරීමේ කටයුතු ඇරඹෙයි

හානියට පත් වගාවන්ට වන්දි මුදල් නිදහස් කිරීමේ කටයුතු ඇරඹෙයි

by chanaka
January 15, 2025 12:53 pm 0 comment

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන් හි හානි පරීක්ෂාව අවසන් වී ඇති දිස්ත්‍රික්කවල වන්දි මුදල් නිදහස් කිරිමේ කටයුතු ආරම්භ වෙමින් පවතින බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ඒ යටතේ පොළොන්නරුව, අම්පාර , ත්‍රිකුණාමලය, මුලතිව් , වවුනියාව යන දිස්ත්‍රික්කවලට අදාළ වන්දි මුදල් මේ මස අවසන් වීමට පෙර ගෙවීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සදහන් කරයි.

එමෙන්ම මඩකලපුව ඇතුලු සෙසු දිස්ත්‍රික්කවල වන්දි මුදල් ගෙවීම් කටයුතු ලබන පෙබරවාරි මුල සිට ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි සදහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT