50
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන් හි හානි පරීක්ෂාව අවසන් වී ඇති දිස්ත්‍රික්කවල වන්දි මුදල් නිදහස් කිරිමේ කටයුතු ආරම්භ වෙමින් පවතින බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ඒ යටතේ පොළොන්නරුව, අම්පාර , ත්‍රිකුණාමලය, මුලතිව් , වවුනියාව යන දිස්ත්‍රික්කවලට අදාළ වන්දි මුදල් මේ මස අවසන් වීමට පෙර ගෙවීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සදහන් කරයි.
එමෙන්ම මඩකලපුව ඇතුලු සෙසු දිස්ත්‍රික්කවල වන්දි මුදල් ගෙවීම් කටයුතු ලබන පෙබරවාරි මුල සිට ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි සදහන් වේ.