Monday, April 21, 2025
Home » වෙලේ සුදාට සහ බිරිඳට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

වෙලේ සුදාට සහ බිරිඳට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

by yasara
January 15, 2025 11:49 am 0 comment

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිරදඩුවම් නියම කර තිබෙයි.

මීට අමතරව මෙම චෝදනාව යටතේ ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිරදඬුවම් නියම කෙරිණි

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම‌ චෝදනා ගොනු කර තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

ඊට අමතරව විත්තිකරුවන්ට දඩ මුදල්ද නියම කෙරුණු අතර නීතිවිරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් අධිකරණය විසින් නියම කරනු ලැබීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT