Home » 13න් පහළ පාසල් ක්‍රිකට් ඩී.එස්-දේවපතිරාජ සම ශූරයෝ වෙති

13න් පහළ පාසල් ක්‍රිකට් ඩී.එස්-දේවපතිරාජ සම ශූරයෝ වෙති

by sachintha
January 14, 2025 1:43 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ සම ශූරයින් බවට පත්වීමට කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත් වූහ.

පානදුර සාන්ත ජෝන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පෙරේදා (12) පැවැති මෙම අවසන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය හිමිකරගත් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් රත්ගම දේවපතිරාජ විද්‍යාල පිල පන්දුවාර 45.4කදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 202ක් රැස් කළේය. පිළිතුරු ඉනිම දියත්කළ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නිමා වන විට පන්දුවාර 4.4කදී කිසිවකු නොදැවී ලකුණු 42ක් රැස් කළේය.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ උපාලි අමරතුංග, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ලීලානන්ද කුමාරසිරි, රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ විදුහල්පති සෑම් ජයතිස්ස ද සිල්වා යන මහත්වරු සහභාගි වූහ.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය

පළමු ඉනිම – 202/7 (පන්දුවාර 45.4) දෙනුවන් යෝෂිත 54, දියත් සංජිත 40, අධීෂ ගෞතම් 39, පිනිඳු නෙත්සර 16, දෙනෙත් දිනුක 11, ශාක්‍ය වීරසේකර

10/1, ජනුල් ජයතිලක 17/1, ලශේන් ද සිල්වා 22/1, රනිතු කුමාරසිංහ 27/1, හමීඩ් අෆ්ඩාල් 34/1, ළකිඳු ද සිල්වා 48/1

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය: පළමු ඉනිම – 42/0 (පන්දුවාර 4.4) හමීඩ් අෆ්ඩාල් නොදැවී 19, මියුරු බණ්ඩාර නොදැවී 11

 

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT