Home » නේමාර්ගේ විනාඩියට කෝටි 72ක්

නේමාර්ගේ විනාඩියට කෝටි 72ක්

by sachintha
January 14, 2025 1:17 am 0 comment

බ්‍රසීල පාපන්දු තරුව නේමාර්ට සෞදි අරාබියේ අල් හිලාල් ක්‍රීඩා සමාජය මඟින් පසුගිය වසරේදී මිනිත්තු 42ක කාලයක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් යුරෝ මිලියන 100ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 3034ක්) ගෙවා ඇත. ඒ අනුව ඔහු ක්‍රීඩා පිටිය තුළ සිටි සෑම විනාඩියකටම යුරෝ මිලියන 2.38ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 72ක්) පමණ ලැබී ඇත.

නේමාර් 2023 වසරේදී සෞදි අරාබියේ අල් හිලාල් ක්‍රීඩා සමාජය විශාල මුදලකට මිලදී ගත්තේය. එතැන් සිට මාස 18ක් ගතවී ඇතත් නේමාර්, ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදු විය. ඔහු එම කාලය තුළ අල් හිලාල් වෙනුවෙන් තරග හතකට පමණක් ක්‍රීඩා කළ අතර, 2024 වර්ෂය තුළම, නේමාර්ට ක්‍රීඩා කිරීමට හැකි වූයේ තරග දෙකකදී මිනිත්තු 42ක කාලයක් පමණි.

නේමාර් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව සිටියත් ඔහුට ගෙවීම නතර කිරීමට අල් හිලාල් ක්‍රීඩා සමාජයට හැකියාව නැත. එසේ මුදල් ගෙවීම නතර කළහොත් නේමාර්ගේ කොන්ත්‍රාත්තුව අවලංගු වනු ඇත.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT