Home » තෛපොංගල් සැමරීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් මුදල් පරිත්‍යාගයක්

තෛපොංගල් සැමරීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් මුදල් පරිත්‍යාගයක්

by sachintha
January 14, 2025 1:17 am 0 comment

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උලෙළ සැමරීමට නොහැකිව අසරණව සිටි පවුල්වලට යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මඟින් පොංගල් කිරිබත් පිසීමට අවශ්‍ය ද්‍රව්‍ය හා මුදල් පරිත්‍යාගයක් පෙරේදා (12) සිදු කරනු ලැබීය.

ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් සායී මුරලි මහතා විසින් යාපනයේ සුෂිපුරම්, කලෙයිමගල් ක්‍රීඩාංගණයේදී මෙම ද්‍රව්‍ය ප්‍රදානය සිදු කරනු ලැබීය. මේ අතර යාපනයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 78කට පාසල් උපකරණ බෙදා දීමට ද ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබුණි.

මෙම අවස්ථාවට සහභාගී වූ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් සායී මුරලි මහතා පැවසුවේ තෛපොංගල් උලෙළ ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් දෙමළ ජනයාගේ සුබ දවසක් නිසා ඉන්දියාවේ ජනතාවත් ශ්‍රී ලංකාවේ ජනතාවත් අතර මිතුදම වැඩිදියුණු කිරීම පිණිස මෙම අවස්ථාව සංවිධානය කළ බවයි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT