Home » රෝහල් වාට්ටු තුළ සැරිසරන රිළවුන්-බල්ලන්-බළලුන් මඬින වැඩපිළිවෙළක් නැද්ද?

රෝහල් වාට්ටු තුළ සැරිසරන රිළවුන්-බල්ලන්-බළලුන් මඬින වැඩපිළිවෙළක් නැද්ද?

by sachintha
January 14, 2025 1:16 am 0 comment

මහියංගණ මූලික රෝහලේ වාට්ටුවල රංචු පිටින් කලහකාරී ලෙස ගැවසෙන රිළවුන්, බල්ලන් හා බළලුන් ඇතුළු වෙනත් සතුන් රෝහල් පරිශ්‍රයට පැමිණීම වැළැක්වීමට සුදුසු වැඩ පිළිවෙළක් සකසන්නැයි මෙම සතුන් නිසා අපහසුතාවයට පත්ව සිටින නේවාසික රෝගීන් හා රෝහලේ කාර්ය මණ්ඩලය අදාළ අංශ වෙත අවධානය යොමු කර සිටියි.

ප්‍රදේශයේ ගැවසෙන රිළවු රංචුවක්ද, බළලුන් ද විටින් විට වාට්ටු තුළට කඩා වැදී වාට්ටුවල නේවාසිකව සිටින රෝගීන්ගේ ආහාර පාන රැගෙන පලා යන බවට ද රෝගීහු සඳහන් කරති.

විශේෂයෙන් මෙම බලු රංචු රෝහල් වාට්ටුවට කඩාවැදී කෑ කෝ ගසමින් රණ්ඩු වෙන අතර, එම රණ්ඩුව හෝ කෑ ගැසීම නතර කිරීමට යන රෝගියාට හෝ කාර්ය මණ්ඩලයේ සේවකයාට මෙන්ම ආරක්ෂක අංශ නිලධාරියා වෙත බල්ලන් කඩා වැදී සපා කෑමට සැරසෙන බවද රෝගීහු පවසති. කලහාකාරී ලෙස ගැවසෙන බල්ලන් පලවා හැරීමට සූදානම් වූ එවැනි අවස්ථාවල නේවාසික රෝගීන් බැලීමට පැමිණි බාහිර පුද්ගලයින් කීප දෙනෙකු බල්ලන් විසින් සපා කෑමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට සිදුවූ අවස්ථා වාර්තා වූ බවද රෝගීහු පවසති. එම නිසා මෙම සතුන් රෝහල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට සුදුසු වැඩපිළිවෙළක් සකසන්නැයි රෝගීහු පාලන අධිකාරියේ අවධානයට යොමු කරති.

හසලක සමූහ ඊ.එම්.එස්. ඒකනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT