වසර පහක කාලයක් තුළ අස්වැසුමේ ප්‍රතිලාභීන් ආර්ථික, සාමාජයීය, සංස්කෘතික, දේශපාලනික වශයෙන් සවිබල ගැන්වීමේ මූලික පියවර ඇරඹේ.
එම වැඩසටහන ක්‍රියාත්මක කරන සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු සහාය සේවා නිලධාරීන් වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ජනවාරි පළමු වැනිදා සිට 10 දා දක්වා රට පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් පැවැත්විණි.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය හා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දැනුම්වත් කිරීමේ වැඩසටහන් පසුගිය 09 – 10 යන දිනවල දී අඹගමුව කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී හා හැටන් නගර සභා ශාලාවේ දී පැවැත්විය. එම වැඩසටහනට 2025 සිට 2029 වසර දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර, පළමු වසර තුළ අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ හතරක් සවිබල ගැන්වීමට නියමිතය.
අඹගමුව කෝරළය සමෘද්ධි ප්‍රජා මූල සමිති ව්‍යාපෘති අංශය මඟින් සංවිධානය කළ මෙම වැඩසටහන් සඳහා අඹගමුව කෝරළය ප්‍රාදේශීය ලේකම් සිතාරා රුවිනි ගමගේ, සමිති කළමනාකරු තනුජා කුමාරි ඇතුළු සමෘද්ධි කළමනාකාර මහත් මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, පුහුණුවලත් සම්පත්දායකයින් විසින් දේශන පැවැත්වූහ.
හැටන් – චන්දන ජයවීර