කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් මාලිගාකන්ද මහා බෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයේදී ‘බුද්ධං සරණං ගච්ඡාමි’ (Buddham Sharanam Gacchami) නමින් ප්‍රදර්ශන මාලාවක් දුරුතු පොහොය යෙදුනු ඊයේ(13) ආරම්භ කළේය.
බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත් කථාංග නිරූපණය කරන සිතුවම් මෙන්ම නූතන ඉන්දියානු කලාවේ ශිල්පීන් විසින් නිර්මාණය කර ඇති බුද්ධාගමට සහ අධ්‍යාත්මිකත්වයට වැදගත්කමක් ඇති අනෙකුත් වටිනාකම් ද මෙහි දී ප්‍රදර්ශනය කෙරේ.
නූතනත්වය, සම්ප්‍රදාය සමඟ සමපාත කරමින්, මෙම ප්‍රදර්ශනය බෞද්ධ දර්ශනයේ කාලානුරූපී සාරය ග්‍රහණය කර ගනිමින් එහි ආකර්ෂණය ඉස්මතු කර ඇත.
මෙම ප්‍රදර්ශනය ඉන්දියාවේ නවදිල්ලි නුවර ජාතික නූතන කලා ගැලරිය විසින් මෙහෙයවන ලද අතර, එහි පළමු ප්‍රදර්ශනය 2024 මැයි මාසයේ වෙසක් උත්සවයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වුණි. මෙම වසරේ සෑම පෝය දිනකම රට පුරා විවිධ බෞද්ධ විහාරස්ථානවල මහ කොමසාරිස් කාර්යාලය ප්‍රදර්ශනය සංවිධාන කර ඇත.
එසේම දුරුතු පොහොය දිනය දා හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය විසින් කසාගල රජමහා විහාරස්ථානයේදී “ශ්‍රී ලාංකික ඇස් හරහා ඉන්දියාව” යන තේමාව යටතේ ආකර්ශනීය ඡායාරූප ප්‍රදර්ශනයක් ද සංවිධාන කර තිබුණි.
මෙම ප්‍රදර්ශන සිය ගණනක් බැතිමතුන්ගෙන් ඇගයීමට ලක් වූ අතර, බෞද්ධ කලාව සහ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් වර්ධනය කරන අතරම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශිෂ්ටාචාර බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී වන මුලපිරීම් සඳහා ඔවුන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රශංසා කළහ.