127
සහෝදරයාගේ මූල්‍ය වංචා සිද්ධි නිසා වසර දෙකකින් තමන්ට නිවෙසට යෑමට නොහැකි වී ඇති බවත් මේ වන විට තම නිවෙස ගරා වැටී ඇති බවත් හිටපු ඇමැති, මනූෂ නානායක්කාර මහතා පැවසීය.
දිනමිණ කළ විමසීමකට පිළිතුරු දෙමින් හිටපු ඇමැතිවරයා පැවසුවේ තමන් මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගියේද වෙනත් ස්ථානයක සිට බවයි.
සහෝදරයාගේ මූල්‍ය වංචා පිළිබඳව මුල්වරට හෙළි කළේ තමා බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ දා සිට ඔහු සමඟ පැවැති හිතවත්කම් ද අත්හැරිය බවත් හිටපු ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසුවේය.
එක කුස ඉපදුණත් පුද්ගලයන් එකිනෙකාට වෙනස් බවද නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.
සුභාෂිණී සේනානායක