Tuesday, April 8, 2025
Home » චීන- ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාවේ ඉදිරි පැතිකඩ දෙරටේ අවධානයට

චීන- ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාවේ ඉදිරි පැතිකඩ දෙරටේ අවධානයට

by sachintha
January 14, 2025 1:20 am 0 comment

ශ්‍රී ලංකා – චීන ද්විපාර්ශ්වික සහයෝගීතාවේ ඉදිරි පැතිකඩ සම්බන්ධයෙන් දෙරටේ අවධානය යොමුව තිබේ. පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ සහ ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කියු ෂෙන්ග්හොන් මහත්වරු අතර හමුවක් පැවැති අතර මෙහිදී ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ඉදිරි පැතිකඩ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

ආර්ථීක, සමාජ හා භූ දේශපාලනික කටයුතු ඇතුළු කරුණු සම්බන්ධයෙන් පර්යේෂණ හා විද්වත් අදහස් හුවමාරු කරගැනීම අරමුණු කරගෙන, පාත්ෆයින්ඩර් පදනම විසින් චීන ශ්‍රී ලංකා සහයෝගීතා අධ්‍යයන මධ්‍යස්ථානයක් 2015 වසරේ දී ස්ථාපිත කරන ලද අතර මේ මධ්‍යස්ථානය දෙරට අතර බුද්ධි මණ්ඩප, ඉහළපෙළේ අධ්‍යයන ආයතන සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ කටයුතු කරන බව පාත්ෆයින්ඩර් පදනම පවසයි. දෙරට අතර සබඳතා සම්බන්ධයෙන් වසර දහයකට ආසන්න කාලය තුළ මධ්‍යස්ථානය විසින් ගොඩනඟන ලද අංශ මෙහි දී සාකච්ඡා කෙරිණ.

පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක සහ චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ජින් හෙන්සේ මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT