Tuesday, April 8, 2025
Home » ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හියුබට් ප්‍රනාන්දුගේ අවසන් කටයුතු අද

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හියුබට් ප්‍රනාන්දුගේ අවසන් කටයුතු අද

by sachintha
January 14, 2025 1:40 am 0 comment

වසර 60ක පමණ කාලයක් මෙරට පුවත් කලාවට මීගමුව සහ කටුනායක ගුවන්තොටුපොළ මාධ්‍යවේදියා ලෙස කටයුතු කරමින් සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හියුබට් ප්‍රනාන්දු මහතා ඊයේ (13) අභාවප්‍රාප්ත විය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආර්. එම්. වී. සුමනදාස මහතාගේ මඟ පෙන්වීමෙන් මුලින්ම ‘දවස’ පුවත්පත හා සම්බන්ධ වී සිය ලේඛන දිවිය ආරම්භ කළ ඒ මහතා පසුව ‘ලංකාදීප’ සහ ‘දිනමිණ’ පුවත්පත්හි මාධ්‍යවේදියකු ලෙස ද සේවය කරමින් සිටියේය. එක්දරු පියකු වන ඒ මහතා මිය යන විට 81 හැවිරිදි වියේ පසුවිය.

හියුබට් ප්‍රනාන්දු මහතාගේ දේහය මීගමුව, කුරණ, ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර මාවතේ පිහිටි නිවෙසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද (14) සවස 03.00ට මීගමුව, කුරණ සාන්ත ආනා දෙව් මැඳුරේදී සිදු කිරීමට නියමිතය.

කටුනායක – ටී. කේ. ජී. කපිල සහ කොච්චිකඩේ – ඩී. මිහිඳුකුල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT