Sunday, April 20, 2025
Home » දකුණු අප්‍රිකාවේ පතලක සිරවූවන් බේරා ගැනීමට මෙහෙයුමක් – 100ක් මරුට

දකුණු අප්‍රිකාවේ පතලක සිරවූවන් බේරා ගැනීමට මෙහෙයුමක් – 100ක් මරුට

by chanaka
January 14, 2025 1:12 pm 0 comment

දකුණු අප්‍රිකාවේ රන් පතලක සිරවීමෙන් මියගිය සංඛ්‍යාව සියය දක්වා ඉහළ ගොස් තිබේ.

මියගොස් ඇති පිරිස නීතිවිරෝධි පතල් කම්කරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

දකුණු අප්‍රිකාවේ අතහැර දැමු රන් පතලක කැනිම් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙම අනතුරට ලක්ව තිබෙන අතර ඔවුන් දින ගණනක් පතල තුළ සිරවී සිට ඇති බව වාර්තා වේ.

කුසගින්න සහ විජලනය හේතුවෙන් එම පිරිස මියගොස් ඇති බව සඳහන්වේ.

පතලේ සිරවි සිටි කම්කරුවන් කිහිපදෙනෙකු බේරා ගැනුණු අතර ගලවා ගැනිමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව එරට බලධාරින් සදහන් කරයි.

අවම වශයෙන් පුද්ගලයින් 400දෙනෙක් මෙහි සිරව ඇතැයි විශ්වාස කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT