Monday, April 21, 2025
Home » ඇෆ්ගනිස්තානයෙන් ලෝකයට තර්ජනයක් නෑ

ඇෆ්ගනිස්තානයෙන් ලෝකයට තර්ජනයක් නෑ

-තලේබාන් රජය වැඩි වැඩියෙන් ගෝලීය සහාය ඉල්ලයි

by sachintha
January 14, 2025 1:48 am 0 comment

වත්මන් ඇෆ්ගනිස්තානයෙන් ලොව කිසිදු රටකට තර්ජනයක් එල්ල නොවන බව තලේබාන් රජය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තලේබාන් රජය එම නිවේදනය නිකුත් කර ඇත්තේ එරට වැඩබලන විදේශ ඇමැති මවුලවි අමිර් ඛාන් සහ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවකින් පසුව බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එය දෙරට අතර ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් අතර පැවැති පළමු හමුව බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. සිය ජනතාව වෙනුවෙන් වෛද්‍යාධාර ඇතුළු විවිධ මානුෂීය ආධාර ලබා දෙන ඉන්දියාව ඇතුළු රටවල් ලබාදෙන සහාය පිළිබඳ කෘතවේදීත්වය පළ කරමින් තලේබාන් රජය එම නිවේදනය නිකුත් කළ බව වාර්තා වේ.

කලාපීය සංවර්ධනය සඳහා වැදගත් කරුණු රැසක් එම හමුවේදී සාකච්ඡාවට ලක්වී ඇති අතර, ඇෆ්ගන් ජනතාවට තවදුරටත් මානුෂීය ආධාර සැපයීමට ඉන්දීය රජය කටයුතු කරන බවට ඉන්දීය විදේශ ලේකම්වරයා ඇෆ්ගනිස්තානයේ වැඩ බලන විදේශ ඇමැතිවරයාට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ. ඉරානයට අයත් චාබහාර් වරාය හරහා ඇෆ්ගනිස්තානය සමඟ වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමට දෙරට අතර එකඟතාවක් පළවූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT